‘මහින්ද යළි දේශපාලනයට ගේනවා‘ - විමල්


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ගෙදරට වී ඉන්නට ඉඩ නොදෙන බවත්, ඔහු දේශපාලනයෙන් ඉවත් වී නැති බවත් හිටපු ඇමැති විමල් වීරවංශ මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා යන හිටපු ඇමැති වරු ද, පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද ඊට එක්වූහ.

හිටපු ඇමැති විමල් වීරවංශ මහතා -

‘ජනාධිපතිතුමා වැදගත් විදියට අරලිය ගහ මැදුරෙන් පිටවෙලා ගියා. ඔහු පිටවෙලා යද්දී දිවයිනේ බොහෝ දෙනෙකු හඬා වැටෙන්නට වුණා. මුළු රටම කඳුළු සැලුවා. ඔහු දේශපාලනනේ සමු ගත්තේ නෑ. ඔහුට නිකන් ගෙදරට වෙලා ඉන්න දෙන්නේ නෑ. ‘

හිටපු අැමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා - 

‘දින සියයත් ඇතුළත කරන දේවල් ගැන ප්‍රතිපත්ති ප්‍රකාශයකින් එළි දැක්වූ දේවල් රටේ වැඩි කොටසක් අනුමත කර තබෙනවා. ඒ පොරොන්දු ඉටු කරන්න ශක්තිය ලැබෙන්න කියා අපි අලුත් ජනපතිට සුභ පතනවා.

අලුත් අගමැති දිවුරුම් දුන්නා. ඔහු දිවුරුම් දුන් ආකාරය ගැන යම් යම් ගැටළු තිබුණත් තාක්ෂණික ප්‍රශ්න ගැන අපි මේ වෙලාව අවධානය යොමු කරන්නේ නෑ. දින සියයේ වැඩ සටහන අවහිර කරන්නේ නෑ. එහි හොද දේවල් ක්‍රියාත්මක කරන්න අපේ පූර්ණ සහාය ලබා දෙනවා.‘