‘මහ මැතිවරණය ශිෂ්ඨ රටක් ලෙස‘


( විනීතා එම් ගමගේ )

ඊළඟ මහ මැතිවරණයේ දී ජනතා මතය විමසීමට යන්නේ දියුණු තාක්ෂණයෙන් සන්නද්ධ වූ, නවීකාරක, ශිෂ්ඨ රටක් ලෙසට යැයි පාර්ලිමේන්තු කටයුතු හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප‍්‍රකාශ කරයි.

රට වෙනුවෙන් කළ යුතු වැඩ ලෙසට රජයේ න්‍යාය පත‍්‍රයේ ඇති කටයුතු සියල්ල ඉදිරි වර්ෂ දෙක තුන ඇතුළත අවසන් කරන බව ද හෙතෙම පවසයි.

රට බාරගෙන අවුරුදු දෙකක් ගතවී ඇති මේ අවස්ථාවේ එම වසර දෙක දෙස හැරී බලද්දි සතුටු විය හැකි දේ රාශියක් ඇති බව ද අමාත්‍යවරයා කියයි.

කරුණාතිලක මහතා මේ බව පැවසුවේ සිරිකොත එජාප මූලස්ථානයේ දී අද (20) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.  

‘‘රාජ්‍ය ආදායම ඉහළ ගිහින් වියදම් අඩුවෙලා තියෙනවා. විශේෂයෙන්ම අපට රට තුළ මීට වසර දෙකකට කළින් දකින්න ලැබුණේ ඵළදායි නොවන ආයෝජනයක්. සුදු අලි ව්‍යාපෘති තමයි රට තුළ දකින්න ලැබුණේ. නැව් නැති වරායවල්, ගුවන් යානා ගොඩ බැස්සවීමට කළින් රතිඤ්ඤා පත්තු කරන්න  ඕන ගුවන් තොටුපලවල්. “

“ඒ වගේ දෙවල් වලට තමයි පසුගිය රජය ආයෝජනය කරල තිබුණේ. විශේෂයෙන්ම මානව හිමිකම් කැඞීම අතින් අපි ඉහළටම ගිහින් තිබුණේ. අපි බාරගත්තේ ඒ වගේ රටක්. “

“ආපසු හැරිල බලද්දි මේ වසර දෙකේ කි‍්‍රියාකාරිත්වය තුළ අපට සතුටු වෙන්න පුළුවන් දේවල් තිබෙනවා. අපට ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කර ගන්න පුළුවන් වෙලා තියෙනවා. “

“අපි අද හොඳ තත්ත්වයක් නිර්මාණය කරගෙන තිබෙනවා. තෙල් මිල, විදුලි බිල, ගෑස් මිල අඩුවුණෘ. බෙහෙත් මිල අඩුකළා. මේ අඩු කරපු එකක්වත් මේ දෙවසර තුළ වැඩි කළේ නැහැ. රාජ්‍ය සේවක වැටුප් වැඩි කළා. මේ වගේ බොහෝ දේවල් අපට සතුටින් සමරන්න  පුළුවන් කම තියෙනවා“යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.