‘මරංචිය‘ සැරයන්ට මරාලයක් වෙයි.
මරංචි නමින් හැදින්වෙන බොරු කහවනු ජාවරමක සැකකරුවකු බේරා දීමට ඔහුගේ බිරිය තලාවේ හෝටලයකට ගෙන්වා ලිංගික අල්ලසක් ගැනීමට ගිය බව කියන පොලිස් සැරයන්වරයෙක් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබිය. ඔහු එම කාන්තාව එම හෝටලයට කැඳවා සිටිය දී වැටලීම සිදුවිය.

