‘මනාපෙට මහ ඇමැතිකම් මීට පසු නෑ’


දිවුරුම් දුන් පළාත් ඇමැතිවරුන් උදම් අනනවාට වඩා ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට කැපවිය යුතු බවත් වැඩිම මනාප ගත් අයට මහා ඇමැතිකම දෙන අවසාන වතාව මෙය බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උතුරු මැද හා සබරගමුව ප‍්‍රධාන ඇමැතිවරුන් දිවුරුම් දීමේ අවස්ථාවේදී පැවැසීය. හැම මන්ත‍්‍රීවරයකුම පළාතට ගමට වැඩ කළ යුතුයැයිද පළාත් සභාව සුදු අලියෙක් යැයි තිබෙන මතවාදය නැති කිරීමේ වගකීම මන්ත‍්‍රීවරුන්ට තිබෙන බවද ජනපති එහිදී කීය.