(දිලිප් ජයසේකර)
මත්තල ගුවන්තොටුපොළ විකිණීමට ගත් තීරණය වහාම හකුළා ගන්නැයි තමන් රජයට අවධාරණය කර සිටින බව ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ ගුවන්තොටුපොළ ශාඛාවේ සභාපති එම්.ඩබ්ලිව්.බී.මුහන්දිරම් මහතා පවසයි.
“අපි රජයට කියනවා මේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිත තාවය ඇති නොවුණහොත් අපි දැඩි ක්‍රියා මාර්ගයකට එළඹීමට වුණත් පසුබට වෙන්නේ නෑ කියලා.විෂය භාර අමාත්‍ය වරයා මේ වන විට එකගතාවය පළ කරලා තියෙනවා කිසිදු කොන්දේසියකින් තොරව සේවක සුරක්ෂිතතාවය පිළිබදව.එය එසේ නොවුණහොත් හා වෘත්තිය සමිති පාලනය කිරීමට එන වත්මන් පාලකයන්ට නැවත කවමදාකවත් වෘත්තීය සමිතිවලට අත නොතියන්න පාඩමක් උගන්වමින් ගුවන් සේවා කටයුතු සම්පුර්ණයෙන්ම අකර්මණ්‍ය කිරිමට අපි කටයුතු කරනවා.“
“මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විදේශීය රටකට විකිණීමට හෝ ප්‍රතිව්‍යුහ ගත කිරිමකට කුමන හෝ පුද්ගලයකුට පවරන ලෙසට මේ වන විට කැබිනට් අනුමැතිය හිමි වෙලා තියෙනවා.ගුවන්තොටුපෙළ හා ගුවන් සේවා සමාගමේ වැඩ කරන ජනතාව ලෙස ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමය මේ සදහා අපේ දැඩි විරෝධය පළ කරනවා වගේම මෙය දැඩි පිළිකුළින් යුතුව හෙළාදකිනවා.“
“ජාතික සම්පතක් කුමන හෝ ආකාරයකට විදේශීය සමාගමකට විකුණා දැමිමට රජය ගෙනියන වැඩ පිළිවෙලටත් අපේ දැඩි විරෝධය පළ කරනවා.මේ විරෝධය පළ කරන්නේ අපේ සේවකයින්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙනුයි.එහෙම නැතිව අපිට මේ තුළ කිසිදු දේශපාලනික අරමුණක් නෑ.මේ රටේ පාලකයින්ට 1956 ඉදන් මේ රට තුළ ආරම්භ කිරීමට නොහැකි වු විකල්ප ගුවන්තොටුපොළ 2013 මාර්තු 18 වෙනිදා මේ රටට දායාද වුණා.ඒ ගුවන්තොටුපොළ ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් තමයි අපි මේ අරගල කරන්නේ.සෑම රටකටම පාහේ ප්‍රධාන ගුවන්තොටුපොළ හැරුනම තවත් විකල්ප ගුවන්තොටුපොළක් අවශ්‍යයයි.මේවා මේ අපි කියන දේවල් නෙමෙයි.ජාත්‍යන්තරය පවා පිළිගත් රිතීන් තමයි මේ.ගුවන්තොටුපොළක් විදෙස් රටකට විකිණීම හමුවේ රටේ ජාතික ආරක්ෂාවටත් එය ප්‍රබල ලෙස බලපානවා.“
මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට බදු නොදෙන්නැයි ඉල්ලා ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමය අද (24) පැවැත්වූ විරෝධතාවයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව කීය.


