රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සදහා මෝටර් රථ කොමසාරිස්ට ඉදිරිපත් කළ ඉල්ලුම්පත් ප්‍රතිකෂේප කිරීමට ගත් තීරණය අහෝසි කරමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා භික්ෂුන් තුන් නමක විසින් ගොනු කැරුණු පෙත්සම් තුනක් ගාස්තු රහිතව අභියාචනාධිකරණය අද ඉවත දැමීය.
දීපාලී විජේසුන්දර හා උපාලි ගුණරත්න විනිසුරුවරු මේ තීරණය දුන්හ.
වස්කඩුව ශ්‍රී ශාඛ්‍යමුණි විහාරයේ ආචාර්ය පරවාහැර විමලවංශ,මාලඹේ සුසිලාරාමවාසී බෝදාගම සීලවිමල,දකුණූ හෝකන්දර ගනේවත්ත විහාරවාසී බියගම සෝමරතන යන හිමිවරු මේ පෙත්සම ගොනු කළහ.
භික්ෂුවකට රියදුරු බල පත්‍රය දීමෙන් බෞද්ධ සංස්කෘතියට හානියක් වන බවත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බෞද්ධාගම සුරැකීමට අධිකරණය බැඳි සිටින බවද නඩු තීන්දුවේ සඳහන් වේ.
මේ සම්බන්ධ අධිකරණ ක්‍රියා මාර්ගය ඇරැඹුණේ මීට වසර හතරකට කලිනි.

