‘බර්ටිගේ හිතවතාගෙන් ලක්ෂ නවයක් කොල්ලකාලා‘


උතුරු මැද හිටපු මහ ඇමැති බර්ටි දිසානායක මහතාගේ ආධාරකරුවකු බව කියන ධනවත් ව්‍යාපාරිකයකුගෙන්   බලෙන් රුපියල් හය ලක්ෂයක චෙක්පතකට අත්සන් තබවාගෙන රුපියල් 348500ක් පැහැරගෙන ඇතැයි කැකිරාව පොලිසියට පැමිණිලි කර ඇත.

තමාට පහර දීමට ආ අට දෙනා අතර උතුරේ දේශලනඥයකුගේ හා රජයේ ඇමැතිවරයකුගේ පෞද්ගලික ආරක්ෂකයකු හා පෞද්ගලික ලේකම්වරයකු ද සිටින බව ඩබ්ලිව් එම් යූ බී දිසානායක (56) මහතා කියයි.

පහර කෑමෙන් පසු මැයි 31 වැනි දා ගල්කිරියාගම රෝහලට ඇතුළත් කරනු ලැබූ ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කැර යැවිණි.

මෙම ව්‍යාපාරිකා  හෝටල කිහිපයක ද, රට බීම හල් තුනක ද, ගරාජයක ද හිමිකරුවෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ එවැනි පැමිණිල්ලක් ලැබුණු බවයි. පුද්ගලයන් දෙදෙනකුගේ නම් සඳහන් වී ඇතත් ඔවුන් දේශපාලනඥයකුගේ කවුරුන්දැයි පැමිණිල්ලේ සඳහන් වී නැති බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් රෝහණ මහතා කියයි.