‘බර්ටිගේ ආධාරකරුවන් දෙන්නෙකුට ගහලා’


උතුරු මැද හිටපු ප්‍රධාන ඇමැති අභාවප්‍රාප්ත බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමට පළාත් සභා සංකීරණයේ ඉදිරිපිට තිබු බැනර් ඉවත් කිරීමේ සිද්ධියක් මුල් කැර ගෙන උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති එස් එම් රංජිත් සමරකෝන් මහතාගේ කාර්යාලයට ගිය කිහිප දෙනකු ඔහුගේ  රාජකාරියට බාධා කළෑයි  අනුරාධපුර පොලීසියට පැමිණිළී කළ බව  ප්‍රධාන ඇමැති කාර්යාලයේ නිලධරයෙක් කියයි.

එහිදී තලාව ප්‍රාදේශීය සභාවේ  මන්ත්‍රී සෙනරත්  බද්දේගම  මහතා හා  තවත් අයකුට  පහර දුන්නැයි  ඔවුහු  අනුරාධපුර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.