‘බර්ටි මොනවා කිව්වත් මල්ලී සඳුදා දිවුරුම් දෙනවා‘
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් එකසිය විසි ගණනක් තමා සමග යැයි හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා කළ ප්‍රකාශය නිවැරැදි නොවේ යැයි ඔහු කියන පරිදි මහා ඇමැතිකම ඔහුට නොලැබුණහොත් ශ්‍රී ලනිපයේ කිසිම බෙදීමක් ඇති නොවන්නේ යැයි ද හිටපු වනජීවී ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා අනුරාධපුරයේ පුවත්පත් සාකච්ඡාවකදී පැවැසිය. තම සහෝදරයා වන එස්.එම්. රංජිත් ලබන සඳුදා මහා ඇමැති පදවියේ දිවුරුම් දෙනු ඇතැයි ද විශ්වාසය පළ කෙළේය.
තමා ඇමැතිකම්න් අස් වූයේ එකම පවුලේ දෙදෙනකු ඇමැතිකම් දැරීම නොසුදුසු බව තමාට හැඟි ගිය නිසා යැයි ද ඔහු පැවැසීය. අනුරාධපුර නගරාධිපති එච්.පී. සෝමදාස ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 25ක් 30ක් පමණ චන්ද්‍රසේන මහතා සමග වේදිකාවේ සිටියහ.

