‘බය නැතිව බුද්ධගයා වඳින්න යන්න‘ By None // 2012 ඔක් 21 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බුද්ධගයාවේ කිසිම කලබලකාරී තත්වයක් මේ වෙනතෙක් මතුවී නැති බවත්, ඉස්ලාමීය අන්තවාදී පිරිසක් බෝමිබ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමිව සිටින බවට ඉන්දීය මාධ්‍ය මෙන්ම මෙරට මාධ්‍ය මගින්ද පුළුල් ලෙස ප්‍රචාරය වී ඇතත් බුද්ධගයාව වැඳ පුදා ගැනීමට යන බෞද්ධ ජනතාව ඊට බියක් ඇති කර ගත යුතු නැති බව බුද්ධගයාවේ සිට අද (21) මෙරටට වැඩම කළ අලුත්වැවේ සෝමතිලක හිමියෝ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ලංකාදීපයට පැවසූහ. බුද්ධගයාවේ වන්දනාවේ යන බෞද්ධ වන්දනාකරුවන්ට විවිධ හිරිහැර සිදුවෙතැයිද ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇතැයිද පළවූ ආරංචිවල කිසිම ඇත්තක් නැතැයි ඒ හිමියෝ කියති. අලුත්වැව සෝමතිලක හිමියන් ඇතුළු බුද්ධගයාව වන්දනා මාන කිරීමට ගොස් සිටි බෞද්ධ වන්දනා නඩයක් ඊයේ සවස මිහින්ලංකා ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ආපසු දිවයිනට පැමිණ සිටි අතර ඔවුන් සියලු දෙනාම පැවසූවේ සුපුරුදු සෝදිසි කිරීමි හැරුණු විට වෙනත් සිද්ධියක් දැනගන්නට නොලැබුන බවත් තමන් සිත්තේ වන්දනාමාන කරගෙන ආපසු පැමිණි බවත්ය. සෝමතිලක හිමියෝ මෙසේද පැවසූහ. මම නාලන්දා විශ්ව විද්‍යාලයේ මාස දෙකක් පමණ හිටියා. මීට ටික දිනකට පෙර ඉන්දියාවේ ‘ප්‍රභාත් කබර්‘ කියන පුවත්පතේ මුස්ලීමි අන්තවාදී කණ්ඩායමක් බුද්ධගයාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමිව සිටින බවට පුවතක් ඵල වුනා. ඉන්පසු පසුගිය 19 වෙනිදා ඒ සමිබන්ධයෙන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගත්තා කියලත් පුවතක් ඵල වුනා. නමුත් අපිට කිසිම කරදරයක් මෙි වන තුරු නමි සිදුවෙලා නැහැ. ලංකාවෙි ඉදල නමි කිහිප දෙනෙක් කතාකරල මෙි පිළිබඳව ඇහුවා. බිහාර් ප්‍රාන්ත බලධාරීන් බුද්ධගයාවේ ආරක්ෂක ත්තවය වැඩිකර ඇති බව දැනගන්නට තියෙනවා. ප්‍රදේශයේ පොලිස් මුර සංචාර වැඩි කර තියෙනවා. ඒ නිසා බුද්ධගයාව වැඳ පුදා ගැනීමට යන බැතිමතුන්ට බිය විය යුතු කාරණයක් මෙතෙක් බුද්ධගයාවේ සිදුවී නැති බව මගේ විශ්වාසයයි. බුද්ධගයාන වැඳ පුදාගෙන පැමිණි නුගේගොඩ කණිෂ්ක ලෙවන්ගම(35) මහතා මෙසේ කීය. ලෝකෙ පුරා සිටින බෞද්ධයෝ ලක්ෂ ගනනක් බුද්ධගයාව වැඳ පුදාගන්න එනවා. ශ්‍රී ලංකාවෙනුත් වසරකට ලක්ෂයකට වඩා බැතිමතුන් පිරිසක් බුද්ධ ගයාව වඳින්න යනවා. මම විසි වතාවක් පමණ බුද්ධගයාව වැඳපුදා ගැනීමට ගොස් තිඛෙනවා. එහෙම යන්නේ මගේ අමිමට වන්දනාමාන කිරීමට අවශ්‍ය නිසා. අමිමට වයස අවුරුදු 86 ක් වෙනවා. අමිමා රෝද පුටුවෙ ඉන්නේ. අපිට මාධ්‍ය මගින් ලැබුණු ආරංචි විතරයි තියෙන්නේ. වෙනත් කිසිම සිද්ධියක් අත්දුටුවෙ නැහැ. බෝමිබ ප්‍රහාර එල්ල කරනවා යැයි කියූ සංවිධානයේ සාමාජිකයින් පිරිසක් දිල්ලියේදී අල්ල ගත්තා කියලා දැනගත්තා. ඒකත් මාධ්‍ය මගින් දැනගත්තේ. ලංකාවේ අය වරින්වර දුරකතන ඇමතුමි දීලා අහනවා කරදරයක් නැද්ද හොඳින් ඉන්නවද කියලා. ආරක්ෂක තත්වයත් හොඳයි. හින්දු ආගමිකයින්ගේ පූජාවකට ප්‍රහාර එල්ලකරනවා කියලයි අපි දැනගත්තේ. ඒ පූජාව ඉවරයි. දැන් ඉතින් බයවෙන්න දෙයක් නැහැ. බෞද්ධ ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැහැ. නුගේගොඩ කේ. සිල්වා මහත්මිය පැවසූවෙි දුර්ගා පූජාව 29 වෙනිදා තියෙනවා. ඒකට ප්‍රහාර එල්ලවෙනවා කියලයි ප්‍රචාරය යන්නේ. අපිට නමි කිසිම කරදරයක් වුනේ නැහැ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත