(ඩයනා උදයංගනී)
පොහොට්ටුව ලකුණ වෙනස් කිරීමට නීතිමය බාධාවක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිළිගෙන ඇතැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (6) පැවසීය.
මේ වන විට ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ ඇප බැඳ ඇති නිසා එය වෙනස් කරන්නට ගියහොත් යළිත් උසාවි යාමට සිදුවනු ඇතැයිද මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්‍ෂකයා වෙත හිමිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.
විපක්‍ෂනායකවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා නාමයෝජනා පත‍්‍රයට අත්සන් තැබීමේ අවස්ථාවෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
පොහොට්ටුව ලකුණ වෙනස් කළ නොහැකි බව ශ්‍රීලනිපය පිළිගත් බව මහින්ද කියයි

