‘පොලීසියෙන් ගුටිකාලා ඉන්න බෑ‘


කහවත්ත කොටකෙතන මව දියණිය මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ලක් කළ ත්‍රීරෝද රියදුරකුට රහස් පොලීසිය පහර දුන්නයි ඇතිවූ ලැජ්ජාවෙන් වස බී මියගිය බව ඇඹිලිපිටිය නාගරික හසිරි මරණ පරීක්ෂක ආර් එස් ගුණසේන මහතා නිගමනය කළේය. මෙසේ මියගියේ කොටකෙතන දෙදරු පියකු වන කම්මලේ සෙනවිරත්න (47) යි. ‘පොලිසියෙන් නිකම් ගුටිකෑවා.  ගුටිකාලා ඉන්න බෑ. ලැජ්ජයි.‘ යනුවෙන් සැමියා රෝහලේදී කී බව ඔහුගේ බිරිය දයාවතී චන්ද්‍රලතා මරණ පරීක්ෂණයේදී සාක්කි දුන්නේය.