‘පොලිසියට බෝම්බ ගහන්න ගිහින් වෙඩි කා නසී‘


කුරුණෑගල බඩගමුවේ දී කොස්තාපල්වරයකු මරා දැමීයැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන හිටපු හමුදා භටයකු උඩුදුම්බර කළුගල දී පොලිස් වෙඩි පහරින් මිය ගිය බවත්, අවි පෙන්වන්නට රහස් පොලිසිය රැගෙන ගොස් බෝම්බයක් ගැසීමට තැත් කරද්දී ඔහුට වෙඩි තබා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

මෙම සැකකරු බිරිය හා දරු දෙදෙනා සමඟ යද්දී තෙල් දෙනියේ දී අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.

බෝම්බයෙන් බේරීමට තැත් කිරීමේ දී පොලිස් පරීක්ෂකවරයකු හා සැරයන්වරයකු වැටී තුවාල ලැබූ බවත් ඔහු කියයි.

එම ස්ථානයේ තිබී ටී 56 අවියක් ද සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් එක් අයකු මිය ගිය බවත්, තවත් අයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඔහු පවසයි.