‘පොලිසිය කතා ගොතනව’ කටුගෙයි නඩුවේ දී විත්තිය කියයි
කොළඹ කෞතුකාගාරයෙන් නුගවෙල අදිකාරම්ගේ රන්කඩුව ඇතුළු මිල කළනොහැකි කඩු කාසි රන් හා රිදී බස්තම් මිටි ආදිය සොරකම් කළැයි කියන ‘කන්ගැට්ටා’ ප්රධාන සැකකරු හා සෙසු සැකකරුවන් අතර සම්බන්ධයක් ඇද්දැයි සොයන බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්රධාන මහේස්ත්රාත් රශ්මි සිංගප්පුලි මහතාට දැන්වීය.
විටින් විට විවිධ සැකකරුවන් ඉදිරිපත් කරන පොලිස් පරීක්ෂණ විහිලූවකියි නීතිඥ ලිලාන් අමරසේකර මහතා කීවේය.
එක් සැකකරුවකු කොටි සංවිධානයට හවුල් යැයි පැවසූ බවද නීතිඥවරයා කීවේය. මිනිසුන් හේතු රහිතව රඳවා ගැනීම සඳහා පොලිසිය කතා ගොතතියි ඔහු චෝදනා කෙළේය.

