ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම් අළලා නිර්මාණය කළ ‘පියාඹන මාළුවෝ‘ චිත්‍රපටය ශ්‍රී ලංකා රජයට හා ආරක්ෂක හමුදාවට අපහාස කළ බව කියමින් තහනම් කළ බව රජයේ ප්‍රකාශකයෙක් කියයි.
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ ලක්ෂ්මන් හුළුගල්ල මහතා කියනුයේ එම චිත්‍රපටයේ ඇතැම් චරිතවලට ආරක්ෂක අමාත්‍යංශයේ අවසරයක් නොමැතිව හමුදා නිල ඇඳුම් පාවිච්චි කිරීම නිසා මේ තහනම පැනවූ බවයි.
චිත්‍රපටයේ නිශ්පාදකයනට විරුද්ධව නීති මගින් ක්‍රියා කරන බවත් ඔහු කියයි.
පියාඹන මාළුවෝ චිත්‍රපටය සංජීව පුෂ්පකුමාරගේ නිශ්පාදනයකි.
එහි ප්‍රථම ජගත් දර්ශනය 2011දී එතෙර ප්‍රදර්ශනය විය.
මෙම චිත්‍රපටය ද ඇතුළත් චිත්‍රපට උළෙලක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය 11 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එය නතර කැරිණි.
මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට සුදුසු බවට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ද දී තිබිණි.