‘ප්‍රශ්න පත්‍රයක් අඩුවීම හා අත්පත්‍රිකා බෙදීම අතර සම්බන්ධයක් නෑ‘ - විභාග කොමසාරිස්


(රංජන් කස්තුරි)

පදවි පරාක්‍රමපුර උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක ශිෂ්‍යයකුට රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයක් අඩුවී තිබූ නමුත් පසුව ටික වේලාවකින් ඔහුට එම ප්‍රශ්න පත්‍රය ලබාදී තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේ අත්පත්‍රිකා බෙදාහැරීමේ සිද්ධියට අදාළවූයේ රසායන විද්‍යාව  - 2 ප්‍රශ්න පත්‍රය බවත් පදවි පරාක්‍රමපුර සිද්ධිය වූයේ රසායන විද්‍යාව - 1 ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් බවත් කී විභාග කොමසාරිස්වරයා එබැවින් එම සිද්ධි දෙක අතර කිසිදු සම්බන්ධතාවයක් නැති බව ද ප්‍රකාශ කළේය.