(විනීතා එම් ගමගේ)
පළාත් සභා සියල්ලෙහි මැතිවරණ එකම දිනයක තැබීමේ මුවාවෙන් රජය පළාත් සභා මැත්වරණය කල් දැමීමට සැරසෙන බවට පැෆරල් සංවිධානය චෝදනා කරයි.
මැතිවරණ එකම දිනයක පැවැත්වීම අගය කරන නමුත් ඒ මුවාවෙන් මැතිවරණය කල් දැමිම ජනතාවට සිනි තවරා තිත්ත බේත් ගිල්ලවීමක් යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
පළාත් පාලන මැතිවරණ දිගින් දිගටම කල් දැමීම හරහා මැතිවරණ පැවැත්වීම සඳහා රජයේ ඇති නොකැමැත්ත ජනතාවට තහවුරු වී ඇති බවත් මැතිවරණ පැවැත්වීම කෙරෙහි ජනතා විශ්වාසය පළුදු වී ඇති බවත් හෙට්ටිආරච්චි මහතා කීය.
සබරගමුව, උතුරුමැද, නැගෙනහිර පළාත් තුනෙහි නිල කාලය ඔක්තෝබර් මස පළමු දිනෙන් අවසන් වීමට නියමිත ව ඇති අතර ඒ අනුව ඔක්තෝබර් 2වැනිදා නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිසම සූදානම් බවත් දෙසැම්බර් මස මුල් සතියේ මැතිවරණ පැවැත්වෙනු ඇති බවටත් මාධ්‍ය වාර්තා පළවූ නමුත් මේ වන වට එම තත්ත්වය වෙනස් වී ඇතැයි ද හෙතෙම කීවේය.

