රටේ සෑම ප්‍රදේශයකටම යාමට ඇති කොළඹ මහනුවර මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළ පිරිස් පොලිසියේ ද සහායෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.
‘අද මේ ගැටළුව ගැන සාකච්ඡා කරන්න රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ තුන්වැනි මහලේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාව පැවැත්වෙද්දී තමයි උද්ඝෝෂකයෝ නුවර පාර හරස් කර තියෙන්නේ.
නුවර පාර කියන්නේ මේ රටේ හැම පැත්තටම වගේ යන අය භාවිත කරන පාරක්. මේ පාර අවහිර කිරීමෙන් බෝහෝ පිරිසක් අපහසුතාවට පත් වුණා.
පොලිසිය අපෙල් ඉල්ලීමක් කළා මාර්ගය විවෘත කර දෙන්න කියලා. අපි පොලිසිය සමග එකතු වෙලා අවම බලය පාවිච්චි කරලා මාර්ගය විවෘත කළා.‘