‘නාන ළිඳක් අලුත්වැඩියාවට ලක්ෂ පහක්‘


හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය කාලයේදි සිය බල ප්‍රදේශය පුරා පිහිටි පොදු නාන ළිං ප්‍රතිසංස්කරණය කරද්දී එක් ළිඳකට රුපියල් ලක්ෂ පහක් වෙන් කර ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති ආචර්ය හර්ෂ ද සිල්වා මහතා අද (25) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

පොදු නාන ළිඳක් ප්‍රතිසන්ස්කරණය කිරීමට වැය වන්නේ රුපියල් පනස් දහසකට නොවැඩි මුදලක් බවත්, මෙලෙස හිතුමතේ ජනතා මුදල් වැය කිරීම අපරාධයක් බවත් ඔහු පැවසීය.