19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීම කල් දැමීම කෙරෙහි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු ඇතුළු ශ්‍රීලනිපයේ මැදිහත් වීමක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23) බත්තරමුල්ල පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී කීවේය.
එම සංශෝධනය ලබන 27 හා 28 දෙදින තුළ පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත නොකළහොත් එය සම්මත කිරීමට ඇති හැකියාව ඉතා සීමිත බවද අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීම කල්දැමීමට විරෝධය දක්වමින් සහ එම සංශෝධනය හැකි ඉක්මනින් සම්මත කිරීමට සහාය දක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බල කරමින් සිකුරාදා (24) පස්වරු 4 ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයක නිරතවන බවද ජනතා විමුක්ති පෙරමුණු නායකයා අද කීවේය.

