අනතුරකින් දකුණු පාදය අහිමිවීම නිසා පාසල් ගමන නතර වූ දැරියක අද කෘත්‍රිම පාදයක් ලැබ පාසල් ගමන යළි ඇරැඹුවාය. ‘අම්මේ ඔන්න අද නම් අඩන්න එපා‘ යනුවෙන් දැරිය සිය මවට කීවාය.
‘එසැණ‘ පාඨකයන් ඇයට ද, ඇගේ මවට ද කෘත්‍රිම පාද පරිත්‍යාග කළේ පසුගිය ජූලි හය වැනිදා පළවූ වාර්තාව කියැවීමෙන් පසුවය.
අට හැවිරිදි ලෝචනා බාසුරි දියණිය ඉංගිරිය ශ‍්‍රී සුමනජෝති විදුහලේ 3 වසරේ ඉගෙන ගනිමින් සිටියාය.
තවත් අසරණ පවුලකට පිහිටට ගොස් ආපසු එන අතරමඟදී ඉකුත් අප‍්‍රියෙල් 21දා ත‍්‍රී රෝද රථ අනතුරකට ලක්වීමෙන් ඇගේ අත් පා බිඳිගියේය.
දකුණු කකුල දණහිස ළඟින් කපා ඉවත්කළ අතර වම් අත සහ වම් කකුලද බීදී ගිය නමුත් වෙදකම්වලින් අතත් වම් පාදයත් සුව වී ඇත.
බාසුරි දියණියගේ මව 34 හැවිරිදි දුලීකා දමයන්තිගේ ද දකුණු කකුල කපා ඉවත්කර ඇත.
විදුලි කාර්මිකයෙකු ලෙස රැකියාව කළ බාසුරිගේ පියා වන එන්.ඩබ්ලිව්.එම්. චන්ද්‍රිසිරිගේද වම් අත ඇඹරී කැඩී ගොස් වෙදකම් වලින් සුවය ලබා සිටියද ඔහුට යළි කවදාවත් රැකියාවක් කළ හැකිවේදැයි කිව නොහැකිය.
තමනට උදව් උපකාර කළ සියලු දෙනාටම දැරිය, දැරියගේ මව සහ පියා ද පිං දෙති.