මාතලේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී රොෂාන් ද සිල්වා මහතා නගර සභා සේවකයින්ට හා නිලධාරීන්ට තර්ජනය කරතියි කියමින් ඔවුහු අද නගර සභාව ඉදිරිපිටදී වැඩ වර්ජනයක් ඇරැඹුහ.
රාජකාරීයට බාධා කරමින් මන්ත්‍රීවරයා තමන් විවේචනය කරමින් තර්ජනාත්මකව අපහාස කරමින් හැසිරීම නිසා තමන් මහත් අපහසුතාවට පත් වී ඇති බවත් මෙය දිගටම සිදු වුවහොත් අඛණ්ඩ උපවාසයකට යන බවත් නාගරික ලේකම් ඩබ්ලිව් එන් ජී විජේසිංහ මහතා පැවසීය.
මේ පිළිබඳ රොෂාන් සිල්වා මහතා කියා සිටියේ ජනතා නියෝජිතයකු වන තමා ජනතාව වෙනුවෙන් මොන බාධක ආවත් සේවය කරනා බවයි. කිසිදු සේවකයකුට හෝ නිලධාරියකුට තමා අනිසි බලපෑම් සිදු කැර නොමැති බවත් ඔහු කියයි.