මොරටු වේල්ස් කුමර විදුහලේ නව විදුහල්පතිට වැඩ භාර ගැනීමට යෑමට ඉඩ නොදී අයුතු ජන රාශියක සාමාජිකයන් වී ක්‍රියා කළැයි මොරටු පුරපති සමන් ලාල් ප්‍රණාන්දු ඇතුළු පස් දෙනකු රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙස මොරටු මහේස්ත්‍රාත් ඩබ්ලිව් අරවින්ද පෙරේරා මහතා නියෝග කළේය.
ශිරාන් දිල්රුක්, ඒ එස් ප්‍රදිනන්ද, අශෝක කුමාරසිංහ සහ අරුණ රම්‍ය කුමාර ඇප පිට මුදා හළ අය වෙති.
වැඩ බලන විදුහල්පතිනි සුභාෂිණී කපුරුපක්ෂ මහත්මිය මුදා හළ මහේස්ත්‍රාත්වරයා ඇය 4200ක් වන සිසුන් උද්ඝෝෂණවලට පෙළෙඹවීමේ ක්‍රියා වලට ඉඩ නොදෙන ලෙසත්, පාසලේ විනය රැකීමට අවවාද කරන ලෙසත් අවවාද කළේය.
සෙසු සැකකරුවනට අවවාද කරමින් නව විදුහල්පතිට වැඩ භාර ගැනීමට නීතිමය අවසරයක් ඇති හෙයින් සාමය කඩවන කිසිත් නොකළ යුතුයැයි ද, එසේ කළහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවෙතියි ද අවවාද කළේය.
පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුවන් පාසල ඉදිරිපිට අවහිර වනසේ ක්‍රියා කර ඇති බවයි.
එම අවහිරය ඉවත් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය. එවැනි අවහිරයක් ඇත්නම් එය ඉවත් කිරීමේ බලය පොලිසියට ඇතැයි මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.
ලබන පස් වැනිදාට නඩුව කල් තැබිණි.
(ඡායාරූප සිරි මහබෙල්ලන)