‘නව රජයට බලයේ ඉන්න බලයක් නෑ‘


දැන් තියෙන්නේ කල් ඉකුත් වුණු පාර්ලිමේන්තුවක්. ගිය 23 වැනිදා ඒක කල් ඉකුත් වුණා. ඒ නිසා ඉක්මනින්   පාර්ලිමේන්තුව විසුරුවා පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු යැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා  මහතා අද (6) කීවේය.

කල් ඉකුත් වූ පාර්ලිමේන්තුවක් තව මාස ගණනක් සිටීම  ජනවරමට  සුදුසු නොවන බවත්, එසේම එය ප්‍රායෝගික නොවන බවත් පෙන්වා දුන් නියෝජ්‍ය විදේශ ඇමතිවරයා කීවේ ජනපති විසින් ඊට සුදුසු පියවර  කඩිනමින් ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ඉකුත් ජනවාරි  8 වැනිදා යහපාලන ජනාධිපතිවරයෙක් තෝරා ගත්තාක් මෙන් හැකි ඉක්මනින්  යහපාලන පාර්ලිමේන්තුවක්  තෝරා පත් කර ගැනීම වත්මන් ජනතා අපේක්ෂාව වන හෙයින් ඒ ගැන ඉක්මනින් තීරණ ගත යුතු බවද හෙතෙම කීය.

web-1

 

ඡායාරූප :- තිළිණි ද සිල්වා