නව රජය පත්වී ගත වූ සති තුනක කාලය තුළ සිදු කළ ක්‍රියාකාරකම් ප්‍රමුඛ ශ්‍රී ලංකා ජනතාව ප්‍රශංසා මුඛයෙන් කතා කරන බව බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩල නියෝජ්‍ය ඇමැති හියුගෝ ස්වයර් අද (30 බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේදී පැවසීය.
‘ මම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , අගමැති වික්‍රමසිංහ , විදේශ අමාත්‍ය මංගල සමරවීර ඇතුළු රජයේ මැති ඇමැතිවරුන් කිහිපදෙනකු මුණ ගැසුණා. ඔවුන් සමඟ පැවැති සාකච්ඡා පල දායකයි. ඇත්තටම ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ මම බොහෝ දේ සාකච්ඡා කළා. සෑම පැතිකඩක්ම වගේ. ඔවුන් කෙරෙහි විශ්වාසය තබන්නට පුළුවන්‘ යැයි ද ස්වයර් අද පැවසීය.
යුද අපරාධ සම්බන්ධයෙන් එළැඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන මානව හිමිකම් විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් ඒ මහතා අදහස් දැක්වීය.
‘මම ඇත්තටම දන්නේ නැහැ, එහි ඇතුළත් කරුණු. ඒ වාර්තාව ඉදිරිපත් කළාම අපි මුලින්ම බලන්න ඕනෑ එහි සොයාගැනීම් මොනවාද සහ එහි නිර්දේශ මොනවාද යන්නයි. නව රජය ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ඉතා හොඳ පිළිවෙතක්.‘
‘ඇත්තටම ඒ සම්බන්ධයෙන් අපට යෝජනා රැසක් තිබෙනවා. ජනාධිපතිවරයා, අගමැතිවරයා හා මම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අප දකින ඉංග්‍රී භාෂාව උතුරේ දෙමළ ජනතාවටත් දකුණේ සිංහල ජනතාවටත් ඉගැන්නුවා නම්, මේ ගැටලූව යම් තාක් දුරකට සමථයකට පත්කරගන්න පුළුවන් කියලා. ඒ නිසා බ්‍රිතාන්‍යය කවුන්සිලය හරහා අප ඒ සඳහා වැඩකටයුතු කරනවා. ‘

