නාගයකු ළග තබා ගත් බවට නයි නළගන නමින් ප්‍රකට නිරෝෂා විමලරත්නට (දිලානි) පොලිසියෙන් ඉදිරිපත් කිරීමට යන චෝදනා පත්‍රයට කිසිදු නීතීමය පදනමක් නැති හෙයින් ඊට අනුමැතිය නොදෙන්නැයි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්ෂකුලරත්න මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගෙන් ඉල්ලා සිටියේය.
ඇය වෙනුවෙන් ඔහු ලිඛිත දේශන ඉදිරිපත් කැරමින් කරුණු දැක්වීය.
ඒ සම්බන්ධයෙන් තම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මහෙස්ත්‍රාත් විසින් ලබන 26 වැනිදාට කල් තැබිණි.
නිරෝෂා විමලරත්න මෙනවියද උසාවියට පැමිණ සිටියාය. නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කිරීමේ පොරොන්දුවක් මත නයාද ඇයට භාර දී ඇත.