‘දූෂණ මර්දන කාර්යාලය ඵලක් ඇති වැඩක් කර නෑ‘ - රාජිත


(රංජන් කස්තුරි)

දුෂණ මර්දන කමිටු ලේකම්  කාර්යාලය අවුරුදු  එකහමාරක කාලයක්  තුළ රුපියල්  මිලියන 65ක මුදලක්  වියදම්  කර  ඇතත් ළුලක් ඇති  වැඩක්  කර  නැතැයි  කැබිනට්  සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති  රාජිත සේනාරත්න මහතා  කොළඹ රජයේ  ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තුවේ අද (12) පැවති කැබිනට්  තීරණ දැනුම් දීමේ  ප්‍රවෘත්ති  සාකච්ඡාවක දී  පැවසීය.
එම කමිටු  කාර්යාලයට  2016 වසරේදී  රුපියල්  මිලියන 12 ක මුදලක්  වෙන්කර  ඇතත්  එම වර්ෂයේ දී  රුපියල්  මිලියන 26 ක්  වියදම්  කර  තිබෙන බවද එහිදී  ඇමැතිවරයා  කීවේය.
දුෂණ මර්දන කමිටු  ලේකම්  කාර්යාලයේ  කාලය අවසන්  වු හෙයින්  එම කාලය තවදුරටත් දිර්ඝ නොකිරිමට  කැබිනට් මණ්ඩලය තීරණය කළේය.