(රංජන් කස්තුරි)
දුම්රිය සේවකයින්ගේ ඉල්ලීම් ඉතා අසාධාරණ හා දේශපාලනික ඒවා වන බැවින් ඊට විසඳුමක් දිය නොහැකි යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද(03) පැවසීය.
දුම්රිය සේවකයින්ගේ වැටුප් ගැටලුව විසඳා අවසන් බවද, ඔවුන් තවදුරටත් වර්ජනයේ යෙදෙන්නේ පොහොට්ටුවේ අවශ්‍යතාව මත බවද කොළඹ මුදල් අමාත්‍යංශයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මංගල සමරවීර මහතා කීය.
එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මංගල සමරවීර මහතා මෙසේ පැවසීය.
“ජනාධිපතිතුමා වැටුප් කොමිසමක් පත්කළා. ඒ කොමිසමට අනුව මුළු රාජ්‍ය සේවයේම වැටුප් විෂමතා ඉවත් කළා. ගැටලුව විසඳා අවසන්. ඒත් මේ අය දේශපාලනඥයින් කියන නිසා වර්ජනය දිගටම කරනවා” යැයිද කීය.

