(මහින්ද නිශ්ශංක)
මරදාන දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා ‘දක්ෂිණ’ නමින් නව නගරාන්තර සුඛෝපභෝගී දුම්රියක් අද (24) සිට ධාවනය කෙරේ.
අද පස්වරු 3.00 ට මරදාන දුම්රිය ස්ථානයෙන් මංගල ගමන ආරම්භ කරන නව දුම්රිය සවස 6.05 ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ළඟාවේ.
නැවත පසුදා අලුයම 2.15 ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන දක්ෂිණ දුම්රිය අලුයම 5.10 ට කොටුව දුම්රිය ස්ථානයට ළඟාවේ.

