දෙමළ සන්ධානයේ (ටී.එන්.ඒ) උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ශ්‍රී ලංකාවේ උත්තරීතර ලියැවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව සකස් කර නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ විශේෂ ජන කොටසක් ලෙස හදුනාගත හැකි දෙමළ ජනතාවට ඇති ස්වයං තීරණ අයිතිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති මගින් තහවුරු කර ඇති නිසා එම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරිය නොහැකි බව ද ඔහු පවසයි.