‘ජාන තාක්ෂණය භාවිත කරමින් ප්‍රතිකාර කළ හැකි වෙනම ඒකකයක්‘


(රංජන් කස්තුරි)

ජාන තාක්ෂණය භාවිත කරමින් වෛද්‍ය ප්‍රතිකාර කළ හැකි වෛද්‍යවරුන් 7 දෙනෙක් ශ්‍රී ලංකාවේ සිටින අතර ඔවුන්ගෙන් සැදුම්ලත් වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය  ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

පිළිකා රෝගීන්ට ජාන තාක්ෂණයෙන් ප්‍රතිකාර කළ හැකි ක්‍රමවේදයක් ඇමරිකාව විසින් සොයාගෙන තිබෙන බව ද ඇමැතිවරයා කීය.

මේ අතර වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයන්ගෙන් වසරකට රුපියල් කෝටි 13200ක් පමණ විදෙස් රටවලට ගයායන බව කී ඇමැතිවරයා වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන සිසුන් අතරින් මෙරට රාජ්‍ය වෛද්‍ය පීඨවලට ඇතුළත්විය හැක්කේ 17%කට පමණක් බවත් කීවේය. සුදුසුකම් සහිත 83%ක් වන සිසුන්ට විකල්ප තිබිය යුතු බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

සුවසේවා පත්වීම් ලිපි ප්‍රදානයකට කොළඹදී එක්වෙමින් ඇමැතිවරයා ඒ බව පැවසීය.