‘ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි’


(ඩයනා උදයංගනී) 

එළඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

පක්ෂය ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයෙකුට සහය දීමට තමන් සූදානම් බවද  තමන්ට ඒ වෙනුවෙන් ආරාධනාවක් ලැබුණොත් රට වෙනුවෙන් අභියෝගය භාර ගන්නා බවද මන්ත්‍රීවරයා කීවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයාවීමේ සුදුසුකම් සම්පූර්ණ කර ඇත්ද යන්න තාමත් ගැටලුවක් යැයි ද ඔහු ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන තිබේද යන්න තවමත් තහවුරු වී නැතැයිද මන්ත්‍රීවරයා කීවේය.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය මගින් බොරැල්ල ඇන්.ඇම් පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.