(ඩයනා උදයංගනී)
බැඳුම්කර වංචාව සම්බන්ධව චෝදනාවට ලක් වී සිටින ඇමැතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සති දෙකක් ඇතුළත තීන්දුවක් ගනු ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
විශ්වාසභංගයක් ඒමට පෙර ඔහු විසින්ම ගත යුතු තීන්දුව ගන්නේ නම් එය රටට මෙන්ම ආණ්ඩු කරන පක්ෂ දෙකටම හොඳ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද(8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

