‘ඡන්ද නීතී දිගට හරහට කඩයි’


පළාත් සභා මැතිවරණයේ අවසන් දින කිහිපයේ ඡන්ද නීතීයත්, රටේ නීතීයත් කඩ කරමින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාමේ අවදානමක් ඇතැයි ද පොලීසීය හා මැතිවරණ දෙපාර්තමේන්තුව නිසි පියවර නොගතහොත් ඡන්ද දායකයන්ට දෙවියන්ගේම පිහිට යැයි ද  නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වන කැෆේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියයි.

වයඹ හා මධ්‍යම පළාත් හි  අංක තහඩු රහිත වාහනවලින්  යන අය ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන බව ඔහු කියයි.

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඩබ්ලිව් ටී එම් පී බී වරාවැව මහතාගේ ආධාරකරුවනට ද මහනුවරදී  පුත්තලම නොරෙච්චෝලේදී ජාතික සමගි සංවිධානයේ මහ ඇමැති අපේක්ෂක මොහොමඩ් ෆයිරෝස් එල්ළ කළ මැර ප්‍රහාර සම්බන්ධයෙන් සැක කරන සන්ධාන ආධාරකරුවන් අත්අඩංගුවට ගෙන නැතැයිද ඔහු කියයි.

ඇතැම් සන්ධාන අපේක්ෂකයින් හා මන්ත්‍රීන් එළිපිටම අංක තහඩු නැති වාහන වලින් මැතිවරණ ප්‍රචාරක කටයුතු ගෙන යන බවද ඔහු කියයි.