පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමට ශ්‍රී ලංකාවේ පාසල්වලින් අය කළ මුදල් සම්බාරය කෙතරම්දැයි කිවහොත් චීන මහා ප්‍රාකාරය ඉදිකිරීමට තරම් ප්‍රමාණවත් මුදල් රැස්කර ඇතැයිද ඒ ක්‍රමය නවතන බවද අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ජාතික අධ්‍යාපන ආයතනයේ උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක සමරු ශාලාවේදී අමතමින් ඔහු කීවේය.
ගුරු පත්වීම් දීමේදී ගමේ ගුරුවරයා ගමේ පාසලට පත් කරන බවද ඔහු කීවේය.

