‘චැනල් ෆොර්‘ ඉතාලියටත් යයි


ඉතාලියේ රායි ස්ටෝරියා රාජ්‍ය රූපවාහිනී නාළිකාව බදාදා (19) රාත්‍රී 10.45 සිට ශ්‍රී ලංකාවට එරෙහි වැඩසටහන් ප්‍රචාර කීරීම අරඹා ඇතැයි එරට ලාංකිකයෝ කියති.

‘චැනල් ෆෝර්‘ වීඩියෝව පෙන්වමින් ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩන බව එම නාළිකාව විකාශය කළ වැඩසටහන නැවත සෙනසුරාදා ද ප්‍රචාරය කිරීමට නියමිතය.

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති බෙනට් කුරේ මහතා පැවසුවේ එම වැඩසටහන්හි සත්‍ය අසත්‍යතාවය සොයා බලා නිසි පියවර ගැනීමට ඉතාලි රජයෙන් ඉල්ලීමක් කරන බවයි.

මේ අතර ඉතාලියේ පලෙර්මෝ ඇතුළු නගර කිහිපයක කොටි හිතවාදීහු ශ්‍රී ලංකාවට එරෙහිව උද්ඝෝෂණ කිහිපයක් පැවැත්වූහ.