‘ගස‘ තනියම එන්න හදයි


උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා තුන සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී තනිව තරග කිරීම තම පක්ෂයේ බහුතරයකගේ අදහස වී ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පක්ෂ ලේකම් හසන් අලි මහතා ප්‍රකාශ කරයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රාවුෆ් හකීම් මහතා සහ දේශපාලන මණ්ඩලය අතර විශේෂ හමුවක් අද (15) රාත්‍රී පැවැත්වීමට නියමිත බව ද අලි මහතා කියයි.