ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි ගන්ධබ්බයන් කිහිපදෙනකුට ඇමැතිකම්දී ජාතික ආණ්ඩුවක් හදා තව අවුරුද්දක් ආණ්ඩු බලය දික්කරගෙන ඇතැයිද ගන්ධබ්බයකු වන ලෙස චන්ද්‍රිකා මැතිනිය තමාටද කථා කළ බවත් රෙද්දක් ඇඳගෙන ඇමැතිකම් ගන්නට බැරි බවත් තමා පැවසීයැයි හිටපු සංස්කෘතික ඇමැති ටී.බී.ඒකනායක මහතා අඹන්පොලදී අද(23) ප්‍රකාශ කළේය.
‘මේ ගන්ධබ්බ ඇමැතිවරුන්ට අද කළ හැක්කේ කෑමට විතරක් කට ඇරීම විතරයි. යූඇන්පියට එරෙහිව කට අරින්න ඔවුන්ට බැහැ. අනෙක් අතට රට හැදූ මහින්ද රාජපක්ෂට ද්‍රෝහි වෙන්නත් බැහැ‘

