
(යොහාන් භාසුර)
මුද්දර කාර්යාංශය වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ මුද්දර දැක්ම 2022’ මුද්දර ප්‍රදර්ශනය කොළඹ 10, පිහිටි තැපැල් මූලස්ථානයේදී පැවැත්විණි.
තැපැල් දෙපාර්තමේන්තුවට අනුබද්ධ මුද්දර කාර්යාංශයේ 55 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ සමරු තැපැල්පත නිකුත් කිරීම තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මුද්දර සැලසුම් ශිල්පී සනත් රෝහණ සහ ඉසුරු චතුරංග යන මහත්වරු මෙම මුද්දරය සහ තැපැල්පත නිර්මාණය කළහ.
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විශේෂ ආරාධිතයින්ට එම තැපැල්පත පිළිගැන්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
මෙම අවස්ථාවට තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අංශ ප්‍රධානී නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ සහ මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ එල්.ජී.එන්. ද සිල්වා යන මහත්වරු ද එක්ව සිටියහ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)





