‘කැසිනෝ ඇතුළු සූදු ක්‍රීඩා එපා‘


සාරධර්ම වනසන කැසිනෝ වැනි සියලු සූදු ක්‍රීඩා තවදුරටත් ව්‍යාප්ත නොකිරීමටත් ඒවා නතර කිරීමටත් පියවර ගැනීමෙන් ජනතාවට පමණක් නොව රජයටද යහපතක් වනු ඇතැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් මහින්ද රාජපක්ෂ ජනපතිට ලිපියකින් දන්වා ඇත.

දූ කෙළියෙන් රටක් සංවර්ධනය කළ හැකි බව සිතනවා නම් එය මුලාවක් බව ද  මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත, අමරපුර නිකායේ මහා නායක දවුල්දෙන ඤානිස්සර සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක නාපාන පෙමසිරි   නාහිමිවරුන්ගේ අත්සනින් ජනපතිට යැවුණු ලිපියේ සඳහන්ය.