‘කැමරන් ඉරක යුද රහස් වහයි’


පසුගිය 11 වෙනි දින ප්‍රසිද්ධ කරන ලද වාර්තාවක " බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ඉරාක ආක්‍රමණය පිලිබඳ සමීක්ෂණ වාර්තාව ප්‍රසිද්ධ කිරීම අවහිර කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු එසේ කර ඇත්තේ එවකට බ්‍රිතාන්‍ය අගමැතිව සිටි ටෝනි බ්ලෙයාර් සහ ඇමෙරිකා ජනාධිපති ජෝර්ජ් බුෂ් ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය අකටයුතු නීති විරෝධී යුද්ධයකට පැටලවීම සඳහා රහසේ කුමන්ත්‍රණය කළ බව සනාත වන නිසා " බවත් දක්වා ඇත.

ඉරාක යුද්ධයේදී ඇමෙරිකා සහ බ්‍රිතාන්‍ය හමුදා යුද අපරාධ සිදුකරන ලද බවට චෝදනා එල්ලවී ඇතී බැවින් මෙම කතා බහ එළිදැක්වීම තුලින් දෙරටේ නායකයින්ද එම අපරාධයන්ට හවුල්කරුවන් වුබවට ඔප්පුකලහැකි සාක්ෂි මතුවිය හැකි නිසා ඒවා නිකුත්කිරීම නවතා දැමීමට කැමරන් අගමැතිව කටයුතු කර ඇතී බව එහි සඳහන් වෙයි.

ඉරාකයට එරෙහිව සිදුකළ යුද්ධය සාධාරණද යන වගත් එම කාල වකවානුවේ සිදුවූ සියලුම වාර්තාගත යුධ අපරාධ පිළිබඳවත් විමර්ශනය කොට වාර්තා කිරීම සඳහා පත්කළ රාජාධිකරණ විනිශ්චය කරුවන්ගෙන් සැදුම්ලත් චිල්කොට් පරීක්ෂණ කමිටුව පත්කරන ලද්දේ 2009 අගමැතිව සිටි ගෝර්ඩන් බ්‍රවුන් විසිනි. 

වසර දෙකකින් වාර්තාව නිකුත්කිරීමේ පොරොන්දුව මත ආරම්භකල සමීක්ෂණ කටයුතු මේ දක්වා නිමවී නොමැති අතර දැනට වාර්තාව නිකුත් කිරීමේ දිනය දී ඇත්තේ 2014 ලෙසය.

යුද සමයේ සහ එයට පෙරාතුව බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් සහ ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් සමඟ හුවමාරුවුන අදාළ ලිපි ලේඛන, දුරකථන ඇමතුම් සහ අනෙකුත් තොරතුරු විමර්ශන කමිටුව වෙත ලබාදෙන ලෙස ඉල්ලා ඇතත් මේදක්වා එම ඉල්ලීම් සඳහා ඉඩ දීම බ්‍රිතාන්‍ය අමාත්‍ය මණ්ඩල ලේකම් ශ්‍රීමත් ජෙරමි හේවුඩ් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව උක්ත වාර්තාව පෙන්වා දෙයි.

වර්තමානයේ මැදපෙරදිග සාම දුත මෙහෙවරක යෙදෙන හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මෙම තොරතුරු එළිදරව් නොකිරීම සඳහා වත්මන් අගමැති කැමරන් පොළඹවාගෙන ඇති බවට පෙනීයන බවද එම වාර්තාව කියයි. 

"අති විශාල නස්පැත්තියක් සිදුකල හැකි වර්ගයේ යුධ අවි සදාම් හුසේන් සතුව තිබීම ඉරාකයට විරුද්ධව යුධ ප්‍රකාශ කිරීමේ හේතුව ලෙස ඒ කාලයේ ප්‍රකාශ විය. එසේනම් දෙරට නායකයින් අතර එවකට හුවමාරුවුන කතා බහ එළිදැක්වීමෙන් ඉරාක යුද්ධයට කේන්ද්‍ර වුන මෙවන් භයානක ආයුධ ඇත්තටම ඉරාකය සතුව තිබුන බවට නිශ්චිත සාක්ෂි ඔවුන්වෙත ලබි තිබුනාද යන්න සනාත කර ගත හැකිවන බව"  කියන එම වාර්තාව "එම තොරතුරු හෙළි කිරීම වළක්වන්නේ එමඟින් යුද්ධය අසාධාරණ එකක් බවට හෙළිවීමට ඉඩ අති නිසා" බවද පවසයි.