‘කරපු පව්වලින් මිදෙන්න ඒකාබද්ධයට එන්න‘


(  කාංචන කුමාර ආරියදාස )

තම තමන් කරන ලද පව්වලින් මිදීමට වහාම තනතුරු අතහැර දමා ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමති වරුන්ට ආරාධනා කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“වර්තමානය වනවිට රට විශාල අගාදයකට ඇදවැටිලා.අනුරාධපුර ජනතාව නෙළුම් අල ආහාරයට ගන්න තත්ත්වයට පත්වෙලා.දුප්පතුන්ට හිරිහැර රැසක් සිදුවෙනවා.එම තත්ත්වයට රට පත්කිරීමේ පාප කර්මයෙන් මිදෙන්න.“

“ මැති ඇමතිවරුන් කොටා ගන්නවා.විශ්වාස භංග ගේනවා.මට හොරා කියූ අය දැන් අරු හොරා මු හොරා කියනවා.දැන් බලනකොට මුන් ඔක්කොම හොරු කියලා උන් උන්ම කියනවා.රටේ සම්පත් විකුණනවා.මේවා වටින්නේ නැතිනම් විකුණන්නේ කොහොමද?.මේවා විකුණද්දි කොමිස් යන ආකාරය ගැන සොයන්න ඕන.රටේ ජනතාවට බර පටවන්නේ ණය නිසා නෙමෙයි.බැඳුම්කර සොරකම වසා ගන්න.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පියා වෙනුවෙන් පැවැත්වුණූ දානමය පිංකමකට එක්වෙමින් ඒ මහතා මේ බව කිවේය.