‘කඩුවෙල ප්‍රා ලේකම්ට දේශපාලන කඩු පහරක්‘


කඩුවෙල-ප්‍රාදේශීය ලේකම් එම් එස් පී සූරියප්පෙරුම මහත්මිය මාරු කිරීමට එරෙහිව පන් දහසක පමණ ප්‍රදේශවාසීහු අද (02) මාළඹේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධාවක නිරත වූහ.

නවගමුව සාහිත්‍ය උළෙලේ ප්‍රශ්නයක් මත ඇය මාරු කරන්නට ඇතැයි ද, එය නීති විරෝධී මාරුවක් යැයි ද කඩුවෙල නගරාධිපති ජීඑච් බුද්ධදාස සහ විපක්ෂ නායක ප්‍රියන්ත පත්බේරි මහත්වරු කියති.