‘කටපාඩම් උගතුන් අඩුවේවි‘


තාක්ෂණික විෂය ධාරාව  උසස් පෙළට  හදුන්වාදීමෙන් නුතන විද්‍යාවේ දියුණුවත් සමග යාන්ත්‍රණයේ නියමුවන්  ලෙස තාක්ෂණවේදීන් බිහිකරන්නට හැකි වෙතියිද මෙතෙක් පැවති කටපාඩම් අධ්‍යාපනයෙන් සීත කාමර උගතුන් බිහි වීම ඉන් අවම වෙතියිද  යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන  අමාත්‍යංශයේ  අධික්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.

 උසස් පෙළ විෂය ධාරාවට තාක්ෂණ විෂය ධාරාව  සදහා සිසුන් ඇතුළත් කැර ගැනීම හා රත්මලාන  කොතලාවලපුර  විද්‍යාලයයේ තාක්ෂණ විද්‍යා අංශය විවෘත කිරීමේ උත්සවයේදී ඔහු එසේ කීය.