‘කට කතා බොරු බව බැසිල් කියයි‘


ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී රට පැන ඇතැයි පැතිර යන ආරංචිවල සත්‍යතාවක් නැතැයි ද, ඒ බව නුදුරු දිනකදී හෙළි වනු ඇතැයිද ඔහුගේ ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත.

ෆේස්බුක් ඔස්සේ සහයෝගය දැක්වූ දහස් සංඛ්‍යාත පිරිසට ස්තුති වන්ත වන බවද එහි සඳහන්ය.

ඇමෙරිකා පුරවැසියකු වන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය 11 වැනිදා සිය බිරිය පුෂ්පා රාජපක්ෂ සමඟ කටුනායකින් ඩුබායි හරහා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස්ඇන්ජලීස් නුවර බලා පිටත්ව ගියේය.