‘2011 අවුරුද්දේදී අපි හදපු ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත අතුරුදන් වුණා. මේ දේශ ද්‍රෝහි, රාජ්‍ය ද්‍රෝහි කටයුත්ත කරපු එක්කෙනා ගැන කවුරුත් කථා කරන්නේ නෑ. ජනතාව කතා කරන්නෙත් නෑ. මාධ්‍ය කතා කරන්නෙත් නෑ. කතු වැකි ලියවෙන්නෙත් නෑ. ඒක අතුරුදන් කරපු තැනැත්තියට දඩුවමකුත් නෑ.‘
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ ප්‍රකාශ කළේ ගල්ගමුව මූලික රෝහලේදී පැවැති උත්සවයකදීය.