‘ඔබ නැතිව ඔබ එක්ක‘ ලන්ඩන් චිත්‍රපට උළෙලට By None // 2012 ඔක් 03 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්නන විතානගේ ගේ අලුත් චිත්‍රපටය ‘ඔබ නැතුව ඔබ එක්ක‘මේ වසරේ ලන්ඩන් සිනමා උළෙලට තෝරා ගෙන ඇත. තිර රචනයත් සිනමා රූප රාමුත් අශ්චර්යවත් ලෙස යොදා ගනිමින් ප්‍රසන්න විතානගේ ඔහුගේ හොඳම චිත්‍රපටය නිපදවා ඇතැයි ලන්ඩන් චිත්‍රපට උළෙලේ සංවිධායකයෝ කියති. යුද සමයේ බියකරු අතීතයකට මුහුණ දෙන සිංහල හා දෙමළ පෙම්වතුන් දෙදෙනකු වටා මේ චිත්‍රපට ගොඩනැඟී ඇත. සෙල්වි අවතැන් වූ ලස්සන දෙමළ තරුණියක අන්ජලී පටිල් ඒ චරිතයට පණ පොවයි. තමා ළඟ තුබූ අවසන් රන් අබරණ ටික උගස්කරන්නට යද්දී ඇයට මැදි වයසේ උගස්කරුවෙක් හමුවෙයි. ඔහු බෞද්ධයකි. උගස්කරු ඇයට වශී වෙයි. අය සිටින තැනට යයි. සෙල්වි නාකි මිනිසකු සමග විවාහවීමට යන බව දැනගනී. ඇය හා විවාහවීමට ඔහු සැරැසෙයි. සෙල්වි ඇය හා පෙමින් බැඳේ උගස්කරු ඇගේ ගැලැවුම්කරුවා වෙයි. එහෙත් දෙන්නාම සිය අතීතය ගැන කතා නොකරයි. එහෙත් ඒ ගොළුවත පවතිනුයේ උගස්කරුවාගේ පරණ හමුදා මිතුරකු හමුවී භායානක හෙයක් කියන තුරු පමණි. ලන්ඩනයේ රිච් මික්ස්, බෙත්නල් ග්‍රීන් හා අයිසීඒ සිනමාහල්හි ලබන 13 වැනි දා සිට මේ චිත්‍රපටය තිරගත වේ. ටිකට් සියල්ල ද විකිණී ඇත. චිත්‍රපට උළෙල ලබන 10 වැනි දා ඇරැඹී 21 වැනි දා තෙක් පැවැත්වේ. ප්‍රසන්න විතානගේ ගේ චිත්‍රපටයට අමතරව ශ්‍රී ලංකාවේ දී නිපද වූ තවත් චිත්‍රපටයක් තිරගතවේ. මැදියම් රෑ ළමයි‘ යනුවෙන් දීපා මේතා ඉන්දියා අධ්‍යක්ෂවරයකු විසින් ඒ චිත්‍රපටය නිපැදවිණි. 2011 පෙබරවාරියේ සිට මැයි දක්වා ශ්‍රී ලංකාවේ එම චිත්‍රපට රූගත කළ නමුත් මූලධර්මවාදීන්ගේ විරෝධතාවලට බියෙන් ඔහු ඒ සියල්ල රහසිගතව තබා ගත්තේය Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත