‘ඒ.එස්.පී. ගේ අල්ලස් නඩුව හරි නෑ’
සහකාර පොලිස් අධිකාරිවරයකුට අයත් සාප්පුවක වැඩට සිවිල් ආරක්‍ෂක බල ඇණි නිලධාරියකු යොදා ගන්නැයි අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවේ චෝදනා සදොස් හෙයින් නඩුවක් පවත්වාගෙන යා නොහැකි යැයි නීතිඥ අශෝක වීරසූරිය මහතා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා හමුවේ කියා සිටියේය. සහකාර පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වාට එරෙහිව මේ නඩුව ගොනු කැර ඇත.
ඔහුගේ නීතිඥයාගේ තර්කය වූයේ සිවිල් ආරක්‍ෂක බළකායේ සේවකයකු රජයේ ස්ථිර සේවකයකු හෝ විශ‍්‍රාම ලබන රජයේ සේවකයකුට අයත් නොවන නිසා තවත් රැකියාවක් කළ හැකි බවයි.
මේ බව අල්ලස් කොමිසමට දන්වන බව පැමිණිල්ලේ නීතිඥයා මහේස්ත‍්‍රාත්ට කීවේය.

