එක්සත් ජාතික පක්ෂය ගොඩගැනීමට ගත් උත්සහායට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහාය නොදුන් බවත් ඒකාධිපතියකු ලෙස හැසිරෙමින් පක්ෂය විනාශ කරන බවත් තව අවුරුදු 10යක්වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයේ සිටින බවත් එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දි අද මිනිත්තු 40ක ප්‍රකශයක් කරමින් කිවේය. ඔහු මෙසේ ද කිවේය. මම ප්‍රජාතන්ත්‍රවාදය සොයා යනවා. රජයෙන් ඇමැතිකමක් ලබාගන්න මට පුළුවන් ඒත් එහෙම කරන්නේ නෑ වයඹට සංධානයෙන් තරග කරනවා. ගිය වර මනාප එක් ලක්ෂ ගණනක් ගත්තා. මෙවර දිනන හැටි විපක්ෂ නායකතුමාට බලා ගත හැකි. එක්සත් ජාතික පක්ෂය ගොඩ ගැනීමට කළ සටනින් ප්‍රයෝජනයක් වුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු මහතා ඊළගට කතා කරමින් දයාසිරි මහතා සිය දේශපාලන වළ කපා ගත්තේ යැයි කීවේය. අපි අද ඔහුගේ දේශපාලන මළගමට සහභාගි වෙනවා.