මත්තල දී ඒක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුනට මත්තල දී හිරිහැර කිරීම සැලවීමෙන් පසු හම්බන්තොට වරායේ දී ඒවැන්නක් සිදුවීම වැළැක්වීම සඳහා තමා ඒහි ගිය බවත්, එක්සත් ජාතික පක්ෂයේ අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා තමාගේ හොඳ මිත්‍රයකු බවත් හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියයි.
තමා හම්බන්තොට වරායට එන විට එහි සියයක පමණ පිරිසක් රැස්ව සිටි බව ද, ඔවුන්ගෙන් එජාප මන්ත්‍රීවරුනට කිසියම් හිරිහැරයක් වීම වැළැක්වීමට තමා ඉක්මන් ගමනෙන් එහි ගිය බව ද පුරපති පවසයි.
තමා ප්‍රහාරයක් සැළසුම් කළැයි දැනටම ඇතැම් පුද්ගලයන් ගෙන යන ප්‍රචාරයේ සත්‍යතාවක් නැති බව ද ඔහු සඳහන් කරයි.

